fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෝකියෝ ගුවන් තොටුපොලේ ගුවන් ගමන් සියයකට වැඩි ප‍්‍රමාණයක් අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:05

ටෝකියෝ ගුවන් තොටුපොලේ ගුවන් ගමන් සියයකට වැඩි ප‍්‍රමාණයක් අවලංගු කෙරේ

ජපානයේ ටෝකියෝ ගුවන් තොටුපොළ තුළ මගීන් දාහත් දහසකට වැඩි පිරිසක් මේවන විට රැදි සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ ෆැක්සායි සුලි කුණාටුවත් සමග ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගැනීම හේතුවෙන්.

ගුවන් ගමන් සියයකට වැඩි ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කිරිමට නොහැකිවී ඇති බවයි ටෝකියෝ ගුවන් තොටුපොල බලධාරින් සදහන් කළේ. ගුවන් තොටුපොලට සම්බන්ධ වන සියලු මාර්ගවල රථවාහන ධාවනය සහ දුම්රිය ධාවනය දු ඇණහිට තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් තොටුපොලෙන් පිටතට ගමන් කිරිම සදහා කිසිදු විකල්පයක් නොමැති වීමෙන් ගුවන් මගින් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්