fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 224 ක ජයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 13:41

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 224 ක ජයක්

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 224කින් ජය ගැනිමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුනා.

චිතගොන් නුවර පැවති තරගය ජය ගැනිම සදහා සිය දෙවන ඉනිමේ දී ලකුණු 398ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට තරගයේ අවසන් දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 173ක් පමණයි. පන්දු යැවිමේදී රෂිඩ් ඛාන් පළමු ඉනිමේදී කඩුලු 05ක් සහ දෙවන ඉනිමේදී කඩුලු  06ක් බිද හෙලුවා. මෙම තරගයේදී පළමුවරට ටෙස්ට් නායකත්වය දැරූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂිඩ් ඛාන් ඉතිහාස ගත වුයේ ටෙස්ට් තරගයක් ජයගත් ලොව ලබාලතම නායකයා ලෙසයි. ඇෆ්ගනිස්තනය ක්‍රිඩා කළ තුන්වන ටෙස්ට් තරගය ද මෙය වන අතර ඔවුන් ඉන් තරග දෙකක්ම මේ වන විට ජයගෙන තිබිම විශේෂත්වයක්. මෙය ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රිඩක මොහොමඩ් නබී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 13:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්