fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 12:16

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ නගරයේ  මාර්ග තදබදයට විසදුමක් ලෙස  කුළුණු මත ඉදිකෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

හදවත් යා කෙරෙන රන්මාවත් වැඩසටහන යටතේ ඉගුරුකඩේ හන්දියේ සිට ගාලු මුවදොර දක්වා  කිලෝමීටර්  5.3කින් යුක්තව මාර්ගය ඉදිකෙරෙනවා. ශ්‍රී ලංකාවේ කුළුණු මතින්  ඉදිවන ප්‍රථම අධිවේගී මාර්ගය ලෙස ඉතිහාසයට එක්වන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් වසර 03 කින් අවසන් කිරීමට නියමිතයි. මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත් වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කබීර් හෂීම් ,සාගල රත්නායක ,පාඨලී චම්පික රණවක , මංගල සමරවීර  , රවී කරුණනායක,දයා ගමගේ යන අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා. මෙම මාර්ග ව්‍යාපෘතිය ආසියා සංවර්ධන බැංකුවේ ආයෝජන මත සිදු කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් බිලියන 28 ක්. මෙහි දෙවන අදියර ඔරුගොඩවත්තේ සිට රාජගිරිය දක්වා කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගයක් සැළසුම් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්