ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක ස්ථාන සියයක පමණ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් හෙක්ටාර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් හා නිව් සවුත්වෙල්ස් යන ප්රාන්තවලයි ලැව් ගිනි හටගෙන තිබෙන්නේ. එම ප්‍රාන්තවලට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ශීඝ්‍රයෙන් ලැව් ගිනි පැතිර යන බව සඳහන්. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන අංශ ක්‍රියාත්මක වී ඇති අතර එය දැඩි අපහසු කාර්යයක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ. ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් හාරසියයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.