fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පළමු දින තුන තුළදී ලක්ෂ තුනක ජනතාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:30

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පළමු දින තුන තුළදී ලක්ෂ තුනක ජනතාවක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පළමු දින 03 ඇතුළත ලක්ෂ 03 ක ජනතාවක්  ප්‍රදර්ශනය නරඹ තිබෙනවා. නව ව්‍යවසායකයින් දෙදහසකට නව අවස්ථා විවර වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය  යාපනය මුට්ට්‍රවේලි පිටියේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනය පසුගිය දින 03 පුරා සාර්ථකව  පැවති අතර එය අදින් අවසන් වීමට නියමිතයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධානම කලාපය වන ව්‍යවසායකත්ව කලාපය වෙත ඉහළ ප්‍රතිචාර හිමිවුණා. ඊයේ දිනය අවසන් වන විට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබා ගැනීම සඳහා දෙදහසකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. ඊය අදාළ ඉදිරි කටයුතු අයදුම්කරුවන්  පදිංචි ප්‍රදේශයේ  බැංකු ශාඛා මගින් සිදු කෙරෙනවා. ගොවි නවෝදා රන් අස්වැන්න වැනි ණය යෝජනා ක්‍රම කෙරෙහිද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්