එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීම පක්ෂ නායකයා,නියෝජ්‍ය නායක ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සිදු කෙරෙන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය බේදකිරීමට ඉඩ තබන්නේ නැති බවයි නුවරඑලියේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවුල් 1200 කට ඉඩම් ඔප්පු ප්රදානය නවීන් දිසානායක සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හගුරන්කෙත,නුවරඑලිය,අඹගමුව සහ කොත්මලේ සහ වලපනේ යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙනුයි ඉඩම් ඔප්පු පිරිනැ මුණේ. ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේයි මෙම කටයුතු සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ze8hlqdIQ20″]