ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකට එක්ව සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කළ පිරිසෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සමග සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 03 දක්වා ඉහල ගියා.
අනුරාධපුර හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ ඊයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු රෝහල් ගත කෙරුණා. ඒ අතර සිටි කලාවැව විජිතපුර පදිංචි 51 හැවිරිදි පුද්ගලයකුද අද අලුයම ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ අප ප්රවෘත්ති විකාශයෙන් ඊයේ ප්‍රචාරය වීමත් සමග මෙහි සංවිධායකයින් බව කියන පුද්ගලයින් අප වෙත දුරකතන ඇමතුම් මගින් චෝදනා එල්ල කළා. එහිදී ඔවුන් කියා සිටියේ මේ සඳහා සහභාගී වූ රෝගීන්ගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව දැන ගන්නා ලෙසයි. කෙසේ වෙතත් පොදු විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කිසියම් රෝගියෙකු සුව කර පෙන්වීමේ අභියෝගය භාර ගන්නේ ද යන්න අප කළ විමසිමට මේ දක්වා ප්‍රතිචාර ලැබී නැහැ. අප තවදුරටත් ඔවුන්ට අභියෝග කරන්නේ මෙවැනි අසාමාන්‍ය බලයක් ඇතිනම් ලබන 13 වන පෝදා ITN ඔස්සේ විකාශය කෙරෙන නොපෙනෙන ලෝකය වැඩසටහනට පැමිණ අසනීප වූ රෝගීන් සුවකර පෙන්වන ලෙසයි.