අපේක්ෂකයින් 17 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16 කින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ සදහා ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බවයි ඒ මහතා සදහන් කළේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 14ක් ලිඛිතව ද තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකව සහ එක් ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරණය සදහා නාම යෝජනා කැදවිමේ නිවේදනය නිකුත්කළ දිනය මේ දක්වා නිශ්චිතව තීරණය කර නොමැති අතර නාම යෝජනා නිකුත් කළ දිනයේ සිට දින 16 ත් 21ත් අතර කාලය තුලදී නාම යෝජනා සදහා ඇප තැන්පත් කිරීමට අවස්ථාව හිමිවනවා. නාම යෝජනා භාර ගන්නා දිනයේ සිට සති 4ත් 6ත් අතර කාලය තුලදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි මැතිවරණ නීතියේ සදහන් වන්නේ. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මාධ්‍ය ආයතන ඉහළ කළමනාකාරිත්වය අතර සාකච්ඡාවක් අද කොමිස්ම් සභා කාර්යාලයේදී පැවැත්වුනා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fLwz8Qhwh2s”]