fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 15:21

කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිර දඩුවම් නියම වී සිටින පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි  නියෝගය නිකුත් කළේ.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇප ලබා දීමකින් තොරව සැකකරු නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව කංජිපානි ඉම්රාන් නමැත්තාගේ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා. පැමිණිලිකාර පොලිස් පරික්ෂකවරයා සහ සැකකාර කංජිපානි ඉම්රාන් කටහඩ පරික්ෂණ සඳහා රස පරික්ෂක වෙත ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් දැනුම් දුන්නේ. කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයෙකු බව කියන කේමදාසන් තුෂාන්තන් යන අය හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම නිලධාරීන්ට  විදේශ ගතව සිට කංජිපානි ඉම්රාන් දුරකතනයෙන් තර්ජනය කළ බව පැමිණිල්ලේ සඳහන් වනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo