බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රෙයිග් බ්රැත්වෙයිට්ගේ පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වී තිබෙනවා.
ඉන්දියාවට එරෙහි ජැමයිකාවේදී නිමා වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි ඔහුට මෙම චෝදනා එල්ල වී ඇත්තේ. ඒ අනුව ඔහු ලබන 14 වනදා වන විට පන්දු යැවිමේ ඉරියව්ව පිළිබඳ පරික්ෂණයට මුහුණ දිය යුතුයි. මීට පෙර 2017 වසරේ අගෝස්තු මාසයේදී ද ඔහු මෙම චෝනදා එල්ල වූ නමුත් පසුව ක්‍රෙයිග් බ්රැත්වෙයිට්ගේ පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි බව අනාවරණය වුණා.