අලුබඳුන ටෙස්ට් ශුරතාවය යළි තමන් සතු කර ගැනිමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ එංගලන්තය සමග පැවති හතරවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 185ක ජයක් වාර්තා කිරිමත් සමඟයි.
මැන්චෙස්ටර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවි ලකුණු 497ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එංගලන්තය කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 301 රැස් කළා. අනතුරුව දෙවන ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියාව කඩුලු 06ක් දැවි ලකුණු 186ක් ලබා සිටියදී දෙවන ඉනිම අත්හිටුවිමට තීරණය කළා. ස්ටිවන් ස්මීත් ලකුණු 82යි. ඒ අනුව තරගය ජයගැනිම සඳහා ලකුණු 383ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට දෙවන ඉනිමේදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 197ක් පමණයි. ජෝ ඩෙන්ලි ලකුණු 53යි. ස්ටිවන් ස්මිත් පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට සමත් වුණා.