fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙඩ සුව කරන වැඩසටහනේ දී දෙදෙනෙකු මියයාම ගැන පොලිස් පරික්ෂණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 11:55

ලෙඩ සුව කරන වැඩසටහනේ දී දෙදෙනෙකු මියයාම ගැන පොලිස් පරික්ෂණ

ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනක් අතරතුරදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 18 දෙනෙකු රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදීයි මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ සඳහා පුද්ගලයින් විසි දහසකට අධික පිරිසක් සහභාගි වී ඇති අතර  වැඩසටහන අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ කළුතර හා ගාල්ල වදුරඹ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ පිළිබඳ අප ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය වීමත් සමඟ මෙහි සංවිධායකයින් බව කියන පුද්ගලයින් අප වෙත දුරකතන ඇමතුම් මඟින් චෝදනා එල්ල කළා. එහිදී ඔවුන් කියා සිටියේ මේ සඳහා සහභාගී වූ රෝගීන්ගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව දැන ගන්නා ලෙසයි. කෙසේ වෙතත් පොදු විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කිසියම් රෝගියෙකු සුව කර පෙන්වීමේ අභියෝගය භාර ගන්නේ ද යන්න පිළිබඳව අප ඔවුන්ගෙන් විමසා සිටියා. අනතුරුව සිදුවූයේ දුරකතනය විසන්ධි වීමයි. අප තවදුරටත් ඔවුන්ට අභියෝග කරන්නේ මෙවැනි අසාමාන්‍ය බලයක් ඇතිනම් ලබන 13 වන පෝදා ITN ඔස්සේ විකාශය කෙරෙන නොපෙනෙන ලෝකය වැඩසටහනට පැමිණ අසනීප වූ රෝගීන් සුවකර පෙන්වන ලෙසයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්