fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළඟම පාසල හොදම පාසල ව්‍යාපෘති 500ක් විවෘත කිරිම් හෙට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 11:42

ළඟම පාසල හොදම පාසල ව්‍යාපෘති 500ක් විවෘත කිරිම් හෙට

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ සියලු  දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි සිදු කළ ව්‍යාපෘති 500ක විවෘත කිරිම් හෙට  සිදු කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන දසදහසක වියදමින් ඉදි කළ පාසල් ගොඩනැගිලි ඇතුළු ඉදිකිරිම් රැසක් විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා. මෙහි සමාරම්භක උත්සවය ලෙස කහතුඩුව වෙනිවැල්කොල ශිෂයෝදාන අධ්‍යාපන ආයතනය සිසු අයිතියට පත් කිරිම අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධාත්වයෙන් සිදු කෙරෙනවා. මේ සදහා වැයකළ මුදල මිලියන 360ක්.  සමස්ත ව්‍යාපෘතිය සදහා රජය වැයකෙරෙන මුදල රුපියල් මිලියන හැටපන්දහසක්. හෙට උදෑසන 09.30 සිට මේපිලිබද සජීවි තොරතුරු ගෙන ඒමට අයිටින් අප සූදානම්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්