කුලියාපිටිය නගරයේ ප්‍රධාන බස් නැවතුම් පළ අසළ ගින්නක් හටගෙන තිබෙනවා.
කුලියාපිටිය නගර සභාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ගින්නෙන් අවන්හළකට සහ පොත් අළෙවිසළකට හානි සිදුවුණා.
ගින්නට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. වැඩිදුර විමර්ශන කුලියාපිටිය පොලිසියයි සිදුකරන්නේ.