ලොව අංක එකේ ටෙනිස් ක්‍රිඩිකාවක වන සෙරිනා විලියම්ස් පරාජය කරමින් ඇමෙරිකා ග්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට 19 හැවිරිදි කැනේඩියා ටෙනිස් ක්‍රිඩිකා බියන්කා ඇන්ඩ්‍රෙස්කු සමත් වුණා.
නිව්යෝක්හි පැවති තරගයේ පළමු හා දෙවන වට දෙකෙහිම ජය හිමි කර ගත්තේ බියන්කා ඇන්ඩ්රෙස්කුයි. ඒ හයට තුනක් සහ හතට පහක් ලෙසයි. මෙම ජයග්‍රහණයත් සමග කැනේඩියා අගමැති ජස්ටින් ටෘඩෝ ටෙනිස් ක්‍රිඩිකා බියන්කා ඇන්ඩ්රෙස්කුට සුබ පැතුම් එක්කර තිබෙනවා. තිස් හත් හැවිරිදි සෙරිනා විලියම්ස් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියේ හිමි කර ගෙන ඇති ශුරතා සංඛ්‍යාව විසිතුනක්.