රුසියාවත් යුක්රේනයත් දෙරට අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
රුසියාවේ සිටි යුක්රේන සිරකරුවන් 35 දෙනෙකු සහ යුක්රේනයේ සිටි රුසියා සිරකරුවන් 35 දෙනෙකු මෙසේ දෙරට අතර හුවමාරු කර තිබෙනවා. රුසියාව රදවාගෙන සිටි යුක්රේන ජාතික නාවිකයින් 24 දෙනෙකු ද ඒ අතර වන බවයි සඳහන් වන්නේ. දේශ සීමා උල්ලංඝනය කිරීමේ වරද මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තිබෙනවා. කියෆ් නගරයේ බෝරිස් පිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී මෙම හුවමාරුව සිදුවුණා.