fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 10:14

අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අනුරාධපුර හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදීයි මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ සඳහා පුද්ගලයින් විසි දහසකට අධික පිරිසක් සහභාගි වී ඇති අතර  වැඩසටහන අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ කළුතර හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.රෝගී තත්ත්වයට පත් වූ තවත් 18 දෙනෙකු හොරොව්පතාන හා අනුරාධපුර රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්