නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
කෝකිලයි ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා. නීතිවිරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අඩි 360 ක් දිග තහනම් දැලක් ද එහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. වැඩිදුර පරික්ෂණ සඳහා ඔවුන් මුලතිව් සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිතයි.