fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයේදී ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:35

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයේදී ඇරඹේ

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ජාතික ප‍්‍රදර්ශනය නැරඹීමට මේවන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා.

ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ යාපනය මුට‍්‍රවේලී ප‍්‍රදේශයේ. අද (07) සිට ලබන 10 වනදා දක්වා ප‍්‍රදර්ශනය පැවැත්වීමටයි නියමිත. ඒ පෙරවරු 10.00 සිට මධ්‍යම රාත‍්‍රි 12 දක්වා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප‍්‍රදර්ශන කුටි 450 ක් පමණ ඊට ඇතුලත්.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙන්ම නව ව්‍යවසායකයන් බිහිකිරිම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී‍්‍රී ලංකා වැඩසටහනේ තුන්වන ප‍්‍රදර්ශනයයි යාපනයේ පැවැත්වෙන්නේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද පස්වරුවේ ප‍්‍රදර්ශන භූමිය නිරික්ෂණය කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්