fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් රජය උතුරේ ජනතාවට යුතුකම් ඉටුකළ බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:07

වත්මන් රජය උතුරේ ජනතාවට යුතුකම් ඉටුකළ බව අගමැති පවසයි

වත්මන් රජය උතුරේ ජනතාවට යුතුකම් ඉටුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

යාපනය නව නගර ශාලාව සඳහා මුල්ගල් තැබීම අද (07) පෙරවරුවේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මතයි මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන්නේ. රුපියල් මිලියන දෙදහස් තුන්සිය පනහක් මේ සඳහා ආයෝජනය කර තිබෙනවා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක,  රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්,  පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්,  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර නවීකරණය කළ මුන්නේෂ්වරන් මාර්ගය හා දැනට ඉදිකෙරෙමින් පවතින මුන්නේෂ්වරන් දිගු ගමන් සේවා බස් නැවතුම්පොළ නිරීක්‍ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා ඇතුලු මැතිඇමතිවරුන් පිරිස එක්වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 92 ක්. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙසයි මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන්නේ.

   

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo