fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හබරණ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි – තවත් අයෙකුට බරපතල තුවාල

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 12:37

හබරණ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි – තවත් අයෙකුට බරපතල තුවාල

හබරණ මොරගස්වැව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.

වැලි ප්‍රවාහන ටිපර් රථයක් හා කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටිමෙනුයි අනතුර සිදුවුණේ. ඉන් 29 හැවිරිදි අයෙකු මිය ගිය අතර බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දඹුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ටිපර් රථයේ රියදුරාගේ අපරික්‍ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් රියදුරු හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්