ප්‍රදේශ කිහිපයකට ලබන අගහරුවාදා (10) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.
වත්තල, මාබෝල, ජාඇල, කටුනායක සහ සීදුව නගර සභා බලප්‍රදේශ ඊට ඇතුලත්. වත්තල, මහර, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ද ජල සැපයුම ද අත්හිටුවීමයි සැලසුම. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීම ඊට හේතුව බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.