fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුගාබේ ජාතික වීරයෙක් බව සිම්බාබ්වේ ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:21

මුගාබේ ජාතික වීරයෙක් බව සිම්බාබ්වේ ජනපති පවසයි

හිටපු ජනාධිපති රොබට් මුගාබේ ජාතික වීරයෙකු බව වත්මන් ජනාධිපති ඇමර්සන් මනන්ගාවා ප‍්‍රකාශ කළා. ඒ ජාතිය අමතමින්.

රොබට් මුගාබේ විමුක්තිදායකයෙකු බවයි ඔහු පෙන්වාදුන්නේ. මුගාබේගේ අභාවය හේතුවෙන් එරට ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකර නැහැ.

වසර 37 ක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේ මියයන විට 95 හැවිරිදි වියෙහි පසුවුණා. ඔහුගේ පාලන කාලය සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්