fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලසිත් මාලිංගගෙන් තවත් ලෝක වාර්තා කිහිපයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 09:55

ලසිත් මාලිංගගෙන් තවත් ලෝක වාර්තා කිහිපයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැති අවසන් 20 යි 20 තරඟය ලකුණු 37 කින් ජයග‍්‍රහණය කිරීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. විශිෂ්ඨ පන්දු යැවීමක නිතරවූ ලසිත් මාලිංග ඊයේ (06) තරඟයේදී ලෝක වාර්තා කිහිපයක් පිහිටුවීම විශේෂත්වයක්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 125 ක්. පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16 කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 88 ක් පමණයි. 20 යි 20 නායක ලසිත් මාලිංග එකම පන්දු වාරයකදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. සිය දෙවන පන්දු වාරයේ තුන්වන පන්දුවෙන් කොලින් මුන්රෝ දවාගත් මාලිංග අන්තර්ජාතික 20 යි 20 තරඟවලදී කඩුලු සියයක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට පත්වුණා. ඉන් අනතුරුව යැවූ පන්දු දෙකේදී හමීෂ් රදර්ෆ්ර්ඩ් සහ කොලින් ඩී ග‍්‍රෑන්හෝම් දවාගනිමින් මාලිංග කඩුලු ති‍්‍රත්වයක් ලබාගත්තා. ඒ 20 යි 20 අන්තර්ජාතික තරඟවලදී කඩුලු ති‍්‍රත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැන්නා බවට පත්වෙමින්.

ඉන්පසු පිටියට පිවිසි නවසීලන්ත පිලේ ප‍්‍රබල පිතිකරුවෙකු වන රොස් ටේ‍්‍රලර් දවා ගනිමින් අන්තර්ජාතික තරඟයකදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලොව දෙවැනි කී‍්‍රඩකයා ලෙස ලසිත් මාලිංග කි‍්‍රකට් වාර්තා අතරට එක්වුණා. එක්දින සහ 20 යි 20 ආකාර දෙකේදීම පන්දු හතරකින් කඩුලු 4 ක් පිට පිට ලබාගත් ලොව එකම පන්දු යවන්නා වන්නේ ලසිත් මාලිංගයි. 2007 ලෝක කුසලාන තරඟාවලියේදී දකුණු අපි‍්‍රකාවට එරෙහි පැවැති තරඟයේත් පිට පිටම පන්දු හතරකින් කඩුලු 4 ක් දවාගැනීමට මාලිංග සමත්වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 09:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්