fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සාහිත සම්මාන උළෙල ලබන බ‍්‍රහස්පතින්දා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 12:43

රාජ්‍ය සාහිත සම්මාන උළෙල ලබන බ‍්‍රහස්පතින්දා

රාජ්‍ය සාහිත සම්මාන උළෙල බ‍්‍රහස්පතින්දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා.

2018 වසරේ සිංහල දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා වලින් ප‍්‍රකාශිත විශිෂ්ඨතම නිර්මාණාත්මක ග‍්‍රන්ථ හා ශාස්ති‍්‍රය ග‍්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවන්ට මෙහිදී සම්මාන පිරිනැමීමටයි නියමිත.

නවකතා, කෙටිකතා, කාව්‍ය, ගීත, නාට්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය නිර්මාණ මෙහිදී ඇගයීමට ලක්කෙරෙනවා. සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවයක් කළ සාහිත්‍යවේදීන් තුන් දෙනෙකුට මෙහිදී සාහිත්‍ය රත්න සම්මානය පිරිනැමීමට ද නියමිත බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 12:43

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්