fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලිංගගෙන් බේරෙන්න නවසීලන්තයෙන් අලුත් සැලසුමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 12:19

මාලිංගගෙන් බේරෙන්න නවසීලන්තයෙන් අලුත් සැලසුමක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පල්ලේකැලේ ක්‍රිඩාංගනයේදී අද (06) පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ජයගැනිමට නවසීලන්තය සමත් වුණා. දෙරට අතර පැවති දෙවන තරගයද නවසීලන්තය කඩුලු 04කින් ජය ගත්තා. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 02ට බින්දුවක් ලෙස මේ වන විට තරගාවලියේ ජය හිමි කරගෙන තිබෙන්නේ  නවසීලන්ත කණ්ඩායමයි. පුර්ණ විස්සයි විස්ස තරගාවලිය පරාජයෙන් ගැලවීමටනම්  ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) තරගය අනිවාර්යෙන් ජයගතයුතු වනවා.

දෙවන විස්සයි විස්ස තරගයේදී ආබාධකට ලක් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට ධනුෂ්ක ගුණතිලක මෙම තරගයට ක්‍රිඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ආබාධයක් හේතුවෙන් මාටින් ගප්ටිල් අද(06)  තරගයට සහභාගි වන්නේ නැහැ. කෙසේ වෙතත් දෙවන පන්දුවාර විස්ස තරගයට එක් නොවූ රොස් ටේලර් අද තරගයට ක්‍රිඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්ත කන්ඩායම ඊයේ (05) රාත්‍රීයේ සිය අවසන් පුහුණුවිම් කටයුතුවල නිරත වුණා. මෙහිදි නවසීලන්ත කන්ඩායම සිය පුහුණුවිම් සිදු කළ ආකාරය මේ වන විට බොහෝ ක්‍රිඩා විචාරකයින්ගේ අවදානයට ලක්ව තිබෙනවා.  ඒ ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් යුත් පන්දු යවන්නෙකු ඒ සදහා සහභාගි වී සිටිම හේතුවෙන්.  ඊට අදාළ විඩියෝ දර්ශන කිහිපයක් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙහි සටහන් කර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2019 12:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්