අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් තුළ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ ඇල්පිටිය අටකොහොටේ බෝගහවංගුව අසළදී.
බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි රැඳීසිටි තවත් පුද්ගලයෙකුට වෙඩිතබා ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ ඌරගස්මංහංදිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි්රයාත්මක බවයි ඇල්පිටිය පොලීසිය සඳහන් කළේ.