fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ඡන්දයට සූදානම් වන්නැයි අගමැතිගෙන් එක්සත් ජාතික පෙරමුණට උපදෙස්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 17:49

ඇල්පිටිය ඡන්දයට සූදානම් වන්නැයි අගමැතිගෙන් එක්සත් ජාතික පෙරමුණට උපදෙස්

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සදහා සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මාලදිවයින් සංචාරය නිමකර දිවයිනට පැමිණි වහාම ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සම්බන්ධයෙන් බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ වජිර අබේවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා පවත්වා තිබෙනවා. ජනාධිපතිවරණය සදහා කවුරුන් ඉදිරිපත් වුවද පළමුව ප්‍රාදේශිය සභා ඡන්දයට මුහුණදීමට කටයුතු කළ යුතු බව පක්ෂයේ සහ පෙරමුණේ නායකයින්ට අගමැතිවරයා විසින් පැහැදිලිකර දී තිබෙනවා. ඊට අමතරව පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූ බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරනවා.

මේ අතර අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් සංචාරයේ යෙදී සිටින අතරතුර එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම අත්සන් ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුවයි මෙම පරීක්ෂණය ආරම්භකර ඇත්තේ. ජනාධිපතිවරණයට පසු පැවැත්වෙන මහ මැතිවරණයේ දී නාමයෝජනා ලබාගැනීමට අවශ්‍ය නම් එම ලේඛනයට අත්සන් තබන ලෙස මන්ත්‍රීවරුන්ට අදාළ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනා දැනුම්දී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්