කන්ජිපානි ඉම්රාන් ලබන 09 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. ඒ කන්ජිපානි ඉම්රාන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට.
කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්තව මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබෙනවා. හෙරොයින් සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාහරින ලෙස ඉල්ලමින් කන්ජිපානි ඉම්රාන් මෙම දුරකථන ඇමතුම ලබාදි ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේ.