fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙද සාකච්ඡා ලබන මාසයේ දී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 15:57

ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙද සාකච්ඡා ලබන මාසයේ දී

ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙද සාකච්ඡා ලබන මාසයේ දී ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා.

ඇමෙරිකාව හා චීනය අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා වොෂින්ටන් නුවරදී පැවැත්වීමටයි තීරණයකර තිබෙන්නේ. මෙම මාසය තුළදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණ ද දෙරට සිදුකළ තීරුබදු වැඩිකිරීම හේතුවෙන් එය කල්තැබුණා. ලෝක ආර්ථික බලවතුන් ලෙස සැලකෙන ඇමෙරිකාව හා චීනය අතර වෙළෙද ගනුදෙනු හේතුවෙන් පසුගිය කාලය පුරාම දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා. කෙසේ වෙතත් මෙම වෙළෙද සාකච්ඡා සම්බන්ධයෙන් දෙරට යළි එකගතාවකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්