ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු ආකාරයකින් පෞද්ගලීක කරණය නොකරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් අංශ 4 මූලස්ථාන සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. පාරිභෝගික ජනතාව වෙනුවෙන් වගකීමෙන් යුතුව ලංකා විදුලිබල මණ්ඩලය රැක ගැනීම සදහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ගෘහස්ත මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලිවල සුර්ය විදුලිබල උත්පාදනය සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සතියේ දී යොමු කරන බවයි රවී කරුණානායක මහතා කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/RKodmXvuTkU”]