සංචාරක වීසා මත මෙරටට පැමිණ කොල්ලුපිටිය ප්රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් රටෙන් පිටුවහල් කිරිමට තීරණය කර තිබෙනවා.
ඔවුන්ගෙන් ප්රශ්න කිරිම්වලින් පසුව එම පිරිස මිරිහාන කදවුරට භාරදෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ. ඔවුන් සිදුකළ මෙහෙයුමකදී ඉන්දිය ජාතිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස වයස අවුරුදු 25 ත් , 50 ත් අතර වයස්වල පසුවන්නන් බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.