fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

YouTube ආයතනයට ඇමෙරිකා ඩොලර් මිලියන 170ක දඩයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 10:32

YouTube ආයතනයට ඇමෙරිකා ඩොලර් මිලියන 170ක දඩයක්

ඇමෙරිකාවේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම YouTube ආයතනයට ඇමෙරිකා ඩොලර් මිලියන 170 ක දඩයක් නියම කර තිබෙනවා.

ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Google සමාගමට අයත් YouTube සමාජ ජාලය එම මුදල ගෙවීමට එකඟ වී තිබෙනවා. දෙමව්පියන්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 13 ට අඩු ළමයින් පිළිබඳ දත්ත එක්රැස් කිරීම සම්බන්ධයෙනුයි වෙබ් අඩවියට චෝදනා එල්ල වී තිබෙන්නේ. YouTube ආයතනයද දැනට ක්‍රියාත්මක කරන නීති සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්