fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි තර්ජන මර්දනයට නව වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 15:01

වන අලි තර්ජන මර්දනයට නව වැඩපිලිවෙලක්

වන අලි තර්ජන මැඬලීමට රජය විවිධ පියවර ගනිමින් සිටින බවත් මේ සම්බන්ධව ප්‍රගතිය සොයා බලා කටයුතු කිරීමට විෂයභාර අමාත්‍යවරයා ප්‍රධාන කමිටුවක් පත් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වන අලි තර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

”පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන සිදු වී තිබෙනවා. පුද්ගල හානි මෙන්ම දේපළ හානි ද සිදුව තිබෙනවා.මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට රජය විවිධ පියවර ගනිමින් සිටිනවා. විදුලි වැට නඩත්තුවට සිවිල් ආරක්ෂක භටයන් යොදවා තිබෙනවා. වන අලි අල්ලා පුනරුත්ථාපනය කිරීමට රැදවුම් මධ්‍යස්ථානය සකස් කරමින් සිටිනවා. හොරොව්පතාන ප්‍රදේශයේ වන අලි රැදවුම් මධ්‍යස්ථනයක් ඉදි කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට කිලෝ මීටර 648.3ක් විදුලි වැට ඉදි කර තිබෙනවා. කිලෝ මීටර 177ක් අලුත් වැඩියා කිරීමට හඳුනාගෙන තිබෙනවා.

එම අලුත් වැඩියාව මාස තුනක් තුළ අවසන් කිරීමට උපදෙස් ලබා දි තිබෙනවා. වන අලි විදුලි වැට නිසි පරිදි නඩත්තු නොකරන බවට පමිණිලි තිබෙනවා. ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ජාතික විදුලි වැට වැඩසටහන සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව, විදුලි වැට නඩත්තුවට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. විෂය භාර අමාත්‍යතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කීපදෙනෙකුගෙන් යුත් කොමිටියක් දාන්න ඒකට දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළත් කරල, රැස්වෙලා, ප්‍රගතිය වාර්තා කරන්න සිදු වෙනවා.”

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්