ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 8 වනදා මෙම පත්වීම් ප්රදානය කිරීම සිදුකෙරෙනු ඇති. විද්‍යාපීඨ 19 කදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විෂයන් 31 යටතේ පාඨමාලා හදාරා ඇති මෙම පිරිස අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් ලෙස සැලකේ. මින් 2340 දෙනෙකු සිංහල මාධ්‍ය යෙන්ද, 1300 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන්ද පාඨමාලා හදාරා ඇති අතර ඉංග්‍රීසි මාධ්‍ය යෙන් පාඨමාලා හදාරා ඇති ගණන 646 ක්. දෑ අවුරුදු පාඨමාලා හදාරා වසරක සීමාවාසික ගුරු පුහුණුව ද මෙම පිරිස නිමකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
ජාතික හා පළාත් පාසල්වල ගුරු හිගය පියවා සිසුන්ට අධ්‍යාපනය ලබාදීම පිණිස මෙම ගුරුවරුන් පාසල්වලට යොමු කරන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.