චීනයෙන් ගෙන් වූ එෆ් 14 බලවේග කට්ටල දුම්රිය අද පරික්ෂණ ධාවනයට
Related Articles
චීනයෙන් ගෙන් වූ පළමු එෆ් 14 බලවේග කට්ටල දුම්රිය අද (04) පරික්ෂණ ධාවනයකට යොමු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ දෙමටගොඩ සිට බෙලිඅත්ත දක්වා.
පරික්ෂණයෙන් අනතුරුව බලවේග කට්ටල දුම්රිය මහනුවර – බදුල්ල අතර ධාවනයට යෙදවීමයි සැළැස්ම. ඊට වායු සමනය කළ මැදිරි දෙකක් සමඟ සමස්ථ මැදිරි 10ක් ඇතුළත්.
මේ අතර කොටුව සිට කන්කසන්තුරය දක්වා ද නව දුම්රියක් හෙට (05) සිට ධාවනයට යෙදවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මගී ඉල්ලීම මත තීරණයට එළඹි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.