fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෝරියාන් සුළි කුණාටුව වයඹදිග ප්‍රදේශයට ගමන් කරන බව ඇමෙරිකා කාළගුණ අංශ පවසයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 09:11

ඩෝරියාන් සුළි කුණාටුව වයඹදිග ප්‍රදේශයට ගමන් කරන බව ඇමෙරිකා කාළගුණ අංශ පවසයි

ඩෝරියාන් සුළි කුණාටුව මේ වන විට වයඹදිග ප්‍රදේශයට ගමන් කරන බව ඇමෙරිකා කාළගුණ අංශ පවසනවා.

ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් දූපතට දැඩි හානි සිදු වුණා. ග්‍රෑන්ඩ් බහමාස් ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ ඇබාකෝ වරාය දූපත ද ජලයෙන් යටවී තිබෙන ආකාරය ද දැකගත හැකියි. ඩෝරියාන් සුළි කුණාටුව මේ වනවිට දෙවන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් බවට පරිවර්තනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පවතින බවයි වාර්තා වන්නේ. ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්