fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් දිඹුල රොසිටා වතුයායේ නිවාස පේළියක ගින්නකින් නිවාස 9 ක් විනාශයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 11:36

හැටන් දිඹුල රොසිටා වතුයායේ නිවාස පේළියක ගින්නකින් නිවාස 9 ක් විනාශයි

හැටන් දිඹුල රොසිටා වතුයායේ නිවාස පේළියක ඇති වූ ගින්නකින් නිවාස 9 ක් විනාශයට පත් වුණා. පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

වතු නිවාස පේළියේ එක් නිවසක හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගොස් තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර ගින්නට හේතුව ද මෙතෙක් හෙළිව නැහැ. වතු කම්කරුවන්ගේ හා පොලීසියේ මැදිහත්වීමෙන් ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණා. අවතැන්ව ඇති පිරිස් වතුයායේ දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්