ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීම සලකා බලා පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය විසිනවය එක ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියා. ඒ අනුව පසුගිය අගෝස්තු 29 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීන්දුව ජනාධිපතිතුමා වෙත යොමුකර ඇති බවයි ජනාධිපති ලේකම්වරයා සිය නිවේදනයේ දක්වා ඇත්තේ.
සීමානිර්ණ කමිටුව අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිතුමා සතු නොවන බවත් ඒ හේතුව මත පළාත් සභා සංශෝධන පනත යටතේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබෙනවා. පළාත් සභා සංශෝධන පනත යටතේ ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත් අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන පරිදි අදාළ සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ඡන්දය පැවැත්වීමේ හැකියාව ද නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
2017 අංක 17 දරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ජන සමාජයේ බහුවිධ ස්වභාවය, වෘත්තිමය හා සමාජ විවිධත්වය නියෝජනය වන පරිදි 5 දෙනෙකුගෙන් සමන්විත සීමා නිර්ණ කමිටුවක් 2017 වසරේ ඔක්තෝබර් මස පත් කිරීමට කටයුතු කළා. එම කමිටුව පනතේ විධිවිධාන ප්‍රකාරව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුව ද දෝෂ සහගත බැවින් එය අනුමත කෙරුණේ නැහැ. නීති ප්‍රකාරව කතානායකවරයා 2018 වසරේ අගෝස්තු 28 වන දින සමාලෝචන කමිටුවක් පත් කළ අතර එම කමිටුව සීමා නිර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කළ යුතු අතර එම වාර්තාව ජනාධිපතිතුමාට භාර දිය යුතුව තිබෙනවා. එම වාර්තාව පදනම් කර ගනිමින් මැතිවරණ කොට්ඨාස වෙන්කර දී ඇත්නම් එය ප්‍රකාශයට පත් කළ පසු පළාත් සභා ඡන්ද විමසීම සිදු කළ යුතුව තිබුණා.