පසුගාමී හා ඇතැම් අන්තවාදී අදහස් හේතුවෙන් රටේ දියුණුවට බාධා එල්ල වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ශ්‍රී ලංකා මුක්කුලතෝ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කතානායවරයා මෙම අදහස් පළ කළා.
උතුරු කොළඹ මෝදර ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී ලංකා මුක්කුලතෝ සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 100 ක්. මුක්කුලතෝ කුල පරම්පරාවේ අනන්‍යතාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. ශ්‍රී ලංකා මුක්කුලතෝ සංවිධානය මගින් මෙය ඉදිකර ඇත්තේ ව්‍යාපාරිකයින්ගේ දායකත්වය ඇතිවයි. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා රවී කරුණානායක, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6HqtgxF-16g”]