fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිදුරුතලාගල රක්‍ෂිත කලාපයේ අතරමං වූ දරුවන් සොයා ගත් මෙහෙයුම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 17:36

පිදුරුතලාගල රක්‍ෂිත කලාපයේ අතරමං වූ දරුවන් සොයා ගත් මෙහෙයුම

පිදුරුතලාගල රක්‍ෂිත කලාපයේ අතරමං වූ දරුවන් දෙදෙනා එම ප්‍රදේශයේ කළ අසීරු මෙහෙයුමකින් පසු සොයාගෙන තිබෙනවා. සංචාරක මග පෙන්වීමකින් තොරව එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

හඟුරන්කෙත මන්දාරම්නුවර ප්‍රදේශයේ පිහිටා ඇති හෙළපතන දියඇල්ල ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි අතරතුරයි මෙම දරුවන් දෙදෙනා අතරමං වී තිබෙන්නේ. පන්නිපිටිය ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා එම ප්‍රදේශයට ගිය මෙම දරුවන් සිය දෙමව්පියන් ඇතුලු පිරිස මග හැර වේගයෙන් ඉදිරියට ගොස් තිබෙනවා. එහිදී එම දරුවන් අතරමං වී ඇති බවටයි පොලීසිය පවසන්නේ. මෙම ප්‍රදේශයේ කොළ දිවියන් වැඩි වශයෙන් සැරිසැරීම හේතුවෙන් දරුවන් සෙවීමේ මෙහෙයුම් අසීරු වුණා. ඊයේ පස්වරුවේ සිට අද අලුයම දක්වා සංචාරක මග පෙන්වන්නන්, ප්‍රදේශවාසින් මෙන්ම පොලීසිය කළ මෙහෙයුමෙන් අනතුරුව දරුවන් දෙදෙනා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්