fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේදනාව පාලනය සඳහා හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාව ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 17:26

වේදනාව පාලනය සඳහා හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාව ඇරඹෙයි

වේදනාව පාලනය සඳහා හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාව අද ආරම්භ කෙරුණා. මෙම පාඨමාලාව මෙරට ආරම්භ කෙරුණේ පළමු වරටයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන් මෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ  දායකත්වයෙන් මෙම පාඨමාලාව ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ හෙද අධ්‍යක්‍ෂිකා, වෛද්‍ය සේවා එම් බී සී සමන්මලී මහත්මියයි. මෙම පාඨමාලාව මාසයක කාලයක් පැවැත්වෙන අතර පළමු කණ්ඩායම සඳහා හෙදියන් හතළිස් දෙදෙනෙකු ඇතුළත්. පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේදීයි මෙම පුහුණු පාඨමාලාව පැවැත්වෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්