fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 17:20

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රියාත්මකයි

ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළ ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රියාත්මක බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ජපානය හා ශ්‍රි ලංකාව අතර පසුගියදා අත්සන් කෙරුණු ගිවිසුමට අනුවයි මෙම රැකියා අවස්ථා උදා කෙරෙන්නේ. තාක්ෂණික සේවාස්ථ පුහුණුව සමග රැකියා කිරීම සදහා වන ගිවිසුම යටතේ රැකියා සදහා අයදුම්කරන්නන්ට ජපන් භාෂා ප්‍රවීනතාව පිළිබද පිළිගත් සුදුසුකමක් තිබීම අනිවාර්ය වනවා. එහිදී ශ්‍රමිකයින්ට සිය පෞද්ගලික වියදම් සදහා වන පිරිවැය ඔවුන් විසින්ම දැරිය යුතුයි. ඒ සදහා වන අනුමත ගාස්තුව හා අනුමැතිය ලත් රැකියා නියෝජිත ආයතන  ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. එම කාර්යාංශයෙන් හෝ  එහි අනුමැතිය සහිත පෞද්ගලික රැකියා නියෝජිත ආයතන ඔස්සේ මේ සදහා අයදුම් කළ යුතු වනවා. විශේෂ කුසලතා සහිත අය සදහා රැකියා ලබාදීමේ ගිවිසුම යටතේ ක්ෂේත්‍ර 14 ක් ඔස්සේ ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කළ හැකියි. මේ යටතේ කිසිදු දේශීය රැකියා නියෝජිත ආයතනයකට බදවා ගැනීම් සදහා අවසර ලබා දී නැහැ. සුදුසුකම් ලත් අපේක්ෂකයින් කාර්යාංශ වෙබ් අඩවියේ ඇති අයදුම්පත්‍රය පුරවා එවිය යුතුයි. ජපාන රැකියා සදහා මුදල් අයකරන ව්‍යාජ පුද්ගලයින්ට හා ආයතනවලට නොරැවටෙන ලෙසත් ඒ පිළිබද තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 17:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්