fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියෝන් බොම්බකරුගේ හිස යළි ගොඩ ගැනීමට සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 13:18

සියෝන් බොම්බකරුගේ හිස යළි ගොඩ ගැනීමට සූදානම්

මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් ඝාතකයාගේ මිහිදන් කර ඇති හිස කොටස යළි ගොඩ ගැනිමට නියමිතයි.

එය අද ගොඩගැනෙන්නේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකළ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති මෙම ඝාතකයාගේ හිස කොටස  අධිකරණ නියෝග මත මඩකලපුව කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරුණා. එහෙත් ඊට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතා එල්ලවුණා.  ඒ සමග නොසන්සුන්තාවක් ද හටගත්තා.  ඒ පිළිබදව මඩකලපුව දිසාලේකම්වරයා අධිකරණයට  කළ දැනුම් දීමට අනුවයි එය යළි ගොඩගෙන සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස නියෝග කෙරුණේ. යළි මිහිදන් කිරීමට  සුදුසු ස්ථානයක් තීරණය කරන තෙක් එය පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව මහරෝහලේ තැන්පත් කර තබන ලෙසටද  නියෝග කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo