ඉන්දියාවේ වෛද්‍යවරයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියකට අදාලව පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇසැම් ප්‍රාන්තයේ 73 හැවිරිදි වෛද්‍යවරයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. වතු සේවකයන් පිරිසක් වෛද්‍යවරයාට පහරදී තිබෙන්නේ සේවයට නොපැමිණි බවට චෝදනා කරමින්. අත්අඩංගුවට ගත් 21 දෙනා සම්බන්ධයෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඇසෑම් පොලිසිය ප්‍රකාශ කළේ.