fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා තුන්වන ප‍්‍රදර්ශනය ලබන සෙනසුරාදා සිට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 10:36

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා තුන්වන ප‍්‍රදර්ශනය ලබන සෙනසුරාදා සිට

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන මාලාවේ තුන්වන ප‍්‍රදර්ශනය ලබන සෙනසුරාදා ආරම්භ වනවා.එය යාපනය කොටුව ප‍්‍රදේශයේදි දින තුනක් පැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඒ ශ්‍රී‍්‍ර ලංකාව තුළ ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය කිරිමේ සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනාවට වඩාත් සමීප කරවිමේ අරමුණින්.

උතුරට ආවේනික වූ ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරමින් නව පරපුර ව්‍යවසායකත්වයට යොමුකිරීම ද ප‍්‍රදර්ශනයේ අරමුණක්. කාර්මික , කෘෂිකාර්මික, ධීවර සහ සංචාරක ක්ෂේත‍්‍ර වලට මූලිකත්වය දෙමින් ව්‍යාපාර ආරම්භ කිරිම සහ වැඩිදියුණු කිරීම සඳහා ණය සහන ලබාදිමට ද පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2019 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්