කොංගෝ ජනරජයේ ඉබෝලා වෛරසය පැතිරයාම සීඝ්රයෙන් වර්ධනය වීම හේතුවෙන් ජගත් මහලේකම් වරයා කොංගෝ ජනරජයට පැමිණ තිබෙනවා.
කොංගෝ ජනරජයට වෛද්‍යාධාර ලබා දීම කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබාදීමටයි ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මෙසේ කොංගෝ ජනරජයට පැමිණ ඇත්තේ. දැනටමත් ඉබෝලා වසංගතයෙන් කොංගෝ ජනරජයේ මරණ 2000ක් වාර්තා වී තිබෙනවා. ජගත් සාම සාධක භටයින් සහ ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායම්වලට සහාය ලබා දීමටත් බලාපොරොත්තු වන බව ජගත් මහලේකම්වරයා පැවසුවා. කොංගෝ ජනරජයේ පුද්ගලයින් 3004 දෙනෙකුට ඉබෝලා වෛරසය ආසාදනය වී තිබෙනවා.