ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මානය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා.
පොතුවිල් සෙන්ගාමම් ප්‍රදේශයේ ඉදිකළ අල්මිනාග්‍රාමම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුනු 267 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 258 කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 260 ක්.පානීය ජලය,විදුලිය ඇතුළු සියලු පහසුකම්වලින් මෙය සමන්විතයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2q_47KNVBvs&feature=youtu.be”]