යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහායි.
අද සිට මාස දෙකක කාලයක් උද්‍යානය වසා තැබෙන බවයි වනජීවී අධ්යක්ෂ ජෙනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා දැනුම් දෙන්නේ.යළිත් සංචාරකයන් සඳහා යාල වනෝද්‍යානය විවෘත වන්නේ ඔක්තෝබර් මස 31 වෙනිදා බවයි වනජීවී අධ්යක්ෂ ජෙනරාල් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.