fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට හදනවාද? බෝක්කු හදනවාද?

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2019 12:33

රට හදනවාද? බෝක්කු හදනවාද?

පොල් ආර්ථිකය පදනම් කර ගත් කුරුණෑගල දිස්ත්‍රික්කය නවීකරණය කිරීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු නගර සභා රථගාලේ පැවැති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තමා බලයට පැමිණියේ බෝක්කු සෑදීමට නොව රට ගොඩනැගීමට බවයි.

කුලියාපිටිය නාරංගල්ල තාක්ෂණවේදී ආධ්‍යාපන විද්‍යාපීඨයේ මුල්ගල තැබීම,  වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ගොඩනැගිලි සඳහා මුල්ගල් තැබීම, කුලියාපිටිය නගරයේ උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

මේ අතර නගරයේ පොදු වෙළෙද සංකීර්ණ සඳහා මුල්ගල් තැබීම මෙන්ම , පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග රැසක්  ද ජනතා අයිතියට පත්කිරීම ඊයේ සිදුවුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා , අමාත්‍ය රාජිත සේනාරත්න,  රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජය ගත හැකි අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්